
“මෙවරත් නැකත් දෙකක්ද?” – රටම බලා සිටින අවුරුදු නැකත් ගැටලුව – සඳුදා ගන්න යන තීරණය මෙන්න
මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ, විෂයභාර අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම නිසා රට තුළ විශාල අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති අතර මෙම කණ්ඩායම් දෙක අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමට අවස්ථා 4කදී සාකච්ඡා පැවැත්වුවද, ඒවා සියල්ලම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
නැකත් පිළිබඳ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය විසඳා අවසන් තීරණයකට එළඹීම සඳහා සිවිල් සංවිධාන කළ ඉල්ලීම් ද සලකා බලමින්, විෂයභාර අමාත්‍යවරයා මෙම තීරණාත්මක සාකච්ඡාව කැඳවා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

