spot_img

පුංචි දූ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට අතුරුගිරියෙන් ඇරඹෙන “උතුම් සත්කාරය” – ලොව දකින්නට මං තනන මහා පින්කම මෙවර කොත්මලේට

පුංචි දූ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට අතුරුගිරියෙන් ඇරඹෙන “උතුම් සත්කාරය” –
ලොව දකින්නට මං තනන මහා පින්කම මෙවර කොත්මලේට

අනාගතයේ රට බාර ගැනීමට සිටින අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරලනු වස්, අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මගින් මෙහෙයවනු ලබන “උතුම් සත්කාර” වැඩසටහන මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙවර මෙම උදාර සත්කාරයේ ප්‍රතිලාභ හිමිවන්නේ කොත්මලේ, මාසැල ගැමුණු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ටයි.

දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉගෙනුමට දස්කම් පාන ඒ පුංචි දරුවන්ගේ පාසල් උපකරණ අවශ්‍යතාවය සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා පොත්පත් සහ පාසල් උපකරණ පාර්සල් කිරීමේ කටයුතු අද (මාර්තු 07) සෙනසුරාදා පෙ.ව. 8.30 සිට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම් පරිශ්‍රයේදී ආරම්භ වුණා.

මේ සඳහා ශ්‍රමයෙන් දායක වීමට කැමති සැදැහැවත් ඔබ සැමට විවෘතව ඇරයුම් කරනවා.

සකස් කළ පාසල් උපකරණ රැගෙන කොත්මලේ බලා පිටත්වීම මාර්තු 10 වන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි.

අහිංසක දරුවෙකුගේ මුවඟට සිනහවක් ගෙනෙන්නටත්, ඔවුන්ගේ අනාගතය ආලෝකවත් කරන්නටත් ශ්‍රමයෙන් හෝ සහභාගීත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස අප මෙත් සිතින් සිහිපත් කර සිටිමු.

මනුෂ්‍යත්වය අගයන ඔබ සැමට මෙය උතුම් අවස්ථාවකි.

📞 වැඩිදුර විමසීම්:
071 5555 015
071 0838 428

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED