spot_img

”ලීටරයක මිල රුපියල් 55කින් නගියි” – පකිස්ථානය අද රෑ ඉඳන් තෙල් සෙල්ලම පටන් ගනියි

 

”ලීටරයක මිල රුපියල් 55කින් නගියි” – පකිස්ථානය අද රෑ ඉඳන් තෙල් සෙල්ලම පටන් ගනියි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පකිස්ථාන රජය එරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55ක මුදලකින් ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි දින හතක කාලය සඳහා බලපැවැත්වෙන බව පකිස්ථාන බලධාරීන් නිවේදනය කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බව පකිස්ථාන රජය සඳහන් කරන්නේ.

එරට ආර්ථිකය මුහුණ දී සිටින අභියෝග හමුවේ ඉන්ධන සහනාධාරය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම හේතුවෙන් මෙම බර ජනතාව මත පැටවීමට රජයට සිදුව තිබේ.

මෙම මිල ඉහළ යාමත් සමඟ එරට ප්‍රවාහන ගාස්තු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

දැනටමත් ඉහළ උද්ධමනයකින් පීඩා විඳින පකිස්ථාන වැසියන්ට මෙම හදිසි මිල වැඩිවීම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වේ.

පකිස්ථාන බලධාරීන් පවසන පරිදි ඉදිරි සතියෙන් පසුව නැවත වරක් ලෝක වෙළඳපොළ මිල ගණන් සලකා බලා මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

වෙනත් ලිපිRELATED