හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කරන පරිදි, බඹරවාන උස්බීම් ජනපදයේ “ඩීජේ වත්ත” ප්‍රදේශයේ කිසියම් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු දැනුම්දීමක් අනුව, එම සිද්ධිය සොයා බැලීමට ගිය අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් ඔහුට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පිටිගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

