ට රත්රං මිලට මොකද වුණේ? කැරට් 22 සහ 24 මිල ගණන් හිතාගන්න බැරි විදියට වෙනස් වෙයි
රන් ආභරණ මිලදී ගැනීමට හෝ රන් සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් මවිතයට පත් කරමින්, මෙරට රන් වෙළෙඳපොළේ මිල ගණන් අද (04) පෙරවරුවේ සීඝ්රයෙන් පහත වැටී තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඇති වූ පසුබෑමත් සමඟ මෙරට රන් පවුමක මිල රුපියල් 13,000කට ආසන්න මුදලකින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (03) දිනය අවසාන වන විට රුපියල් 388,500ක් ලෙස ඉහළ අගයක පැවති කැරට් 22 රන් පවුමක මිල, අද පෙරවරුව වන විට රුපියල් 376,500ක් දක්වා රුපියල් 12,000කින් පහත වැටී ඇත.
මෙය මෑත කාලීනව රන් මිලෙහි වාර්තා වූ කැපී පෙනෙන පහත වැටීමකි.
මේ අතර, පිරිසිදු රන් හෙවත් කැරට් 24 රන් පවුමක මිලෙහිද විශාල කඩා වැටීමක් වාර්තා වේ.
ඊයේ රුපියල් 420,000ක් ලෙස සටහන් වූ එහි මිල, අද වන විට රුපියල් 407,000ක් දක්වා රුපියල් 13,000කින් පහත වැටී ඇති බව හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.

