spot_img

රත්‍රං මිලට මොකද වුණේ? කැරට් 22 සහ 24 මිල ගණන් හිතාගන්න බැරි විදියට වෙනස් වෙයි

ට රත්‍රං මිලට මොකද වුණේ? කැරට් 22 සහ 24 මිල ගණන් හිතාගන්න බැරි විදියට වෙනස් වෙයි

රන් ආභරණ මිලදී ගැනීමට හෝ රන් සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් මවිතයට පත් කරමින්, මෙරට රන් වෙළෙඳපොළේ මිල ගණන් අද (04) පෙරවරුවේ සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඇති වූ පසුබෑමත් සමඟ මෙරට රන් පවුමක මිල රුපියල් 13,000කට ආසන්න මුදලකින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (03) දිනය අවසාන වන විට රුපියල් 388,500ක් ලෙස ඉහළ අගයක පැවති කැරට් 22 රන් පවුමක මිල, අද පෙරවරුව වන විට රුපියල් 376,500ක් දක්වා රුපියල් 12,000කින් පහත වැටී ඇත.

මෙය මෑත කාලීනව රන් මිලෙහි වාර්තා වූ කැපී පෙනෙන පහත වැටීමකි.

මේ අතර, පිරිසිදු රන් හෙවත් කැරට් 24 රන් පවුමක මිලෙහිද විශාල කඩා වැටීමක් වාර්තා වේ.

ඊයේ රුපියල් 420,000ක් ලෙස සටහන් වූ එහි මිල, අද වන විට රුපියල් 407,000ක් දක්වා රුපියල් 13,000කින් පහත වැටී ඇති බව හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED