
“දවස පටන් ගන්න කලින් මේක කියවන්න..” – අද කාලගුණය ගැන දැනගත යුතුම දේ..
අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ වාර්තාවන්ට අනුව අද අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද යන පළාත්වලත්, යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අසාමාන්‍ය ලෙස මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
දහවල් කාලයේ පවතින වියළි බවට වඩා හාත්පසින්ම වෙනස් වූ මේ මීදුම් සහිත තත්ත්වය නිසා අලුයම් කාලයේ මාර්ග භාවිත කරන රියදුරන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටයි වාර්තා වන්නේ.
දවසේ ඉතිරි කාලය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත වියළි කාලගුණයක් පවතින අතර, දහවල් කාලයේ රශ්මිය තරමක් ඉහළ යා හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

