පාකිස්තානයේ දරිද්‍රතාව සහ සමානාත්මතාව සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකු වාර්තාවකින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා .
වසර 2023-24 කාල සීමාවේදී 24.7%කින් ඉහළ ගොස් ඇති එරට දරිද්‍රතා අනුපාතය මේ වසර අවසානය වනවිට 25% ඉක්මවනු ඇතැයි ද ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් අනාවරණය වී ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්ෂණික සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක බැංකුව පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි සඳහන් වන්නේ .
වසර 2020දී කොවිඩ් වසංගතයෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් සහ 2022 දී උද්ගත වු විනාශකාරී ගංවතුර ඛේදවාචකයෙන් පාකිස්තානයේ ජාතික ආර්ථිකය මෙන්ම 85%කට වැඩි පිරිසකගේ ජීවනෝපාය කඩා වැටී ඇති බවත්, ආර්ථික අස්ථාවරත්වය සහ ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට පාකිස්තාන රජයට සුදුසු සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් හෝ දූර්දර්ශීභාවයක් නොමැති වීම ඊට සැලකිය යුතු ලෙස බලපා ඇතැයි ද වාර්තා වේ.

