ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා .
ඊට සමගාමී ව දිවයින පුරා පිහිටි සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා .
මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන අතර ඒ අනුව වසරකට ලාංකිකයින් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් මේ නිසා මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා .
එපමණක් නොව මධ්‍යසාර හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් ආකාලයේ මියයන බව අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ .

