සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම – 2025 සඳහා දකුණු පළාතේ දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල් වල දී පැවැත්වීමට නියමිතව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා .
එසේම සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම – 2025 සඳහා ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වීමට නියමිතව ඇත .
මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

