ඊයේ (26) රාත්රී 11ට පමණ මහියංගන – ගිරාදුරුකෝට්ට ප්රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා .
අදාල වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බදුල්ල ප්රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා .
තුවාලකරුවන් 6ක් බදුල්ල රෝහලේ සහ තුවාලකරුවන් 5ක් මහියංගනය රෝහලේ ප්රතිකාර බලමින් සිටින බවයි වාර්තා වී ඇත්තේ .

