spot_img

යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44 ක්

මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා .

එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිණිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බවයි සඳහන් වන්නේ .

එසේම මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා .

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 1,126ක් වේ.

මිට අමතරව ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබෙනවා .

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බවයි .

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED