spot_img

යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී යයි .

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දින යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමට ලක්ව තිබෙනවා .

අදාළ අනතුරින් සංක්‍රමණිකයන් 65 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

කෙසේ වෙතත් පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ දිවි බේරාගෙන ඇති බව ද සඳහන් වේ .

අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයින් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන අතර, IOM සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම මුහුදු කළාපයේ තිබූ නැව් සුන්බුන් අනුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළදී සිය ගණනක් මෙලෙස මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවටය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED