spot_img

මුදලට නොලෙළුණු අවංකකම – යුද හමුදා සෙබළෙකුගෙන් උදාර ආදර්ශයක්

පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් තුළදී අස්ථානගත වූ රුපියල් 80,000ක මුදලක් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් එහි හිමිකරු වන විදේශීය හිමිනමකට සුරක්ෂිතව භාරදීමට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු කටයුතු කර තිබේ.

තම අවංකභාවය ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ මෙම ක්‍රියාව මේ වන විට සමාජයේ දැඩි ඇගයීමට ලක්ව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියන්මාර ජාතික ඤානෝ ස්වාමීන්වහන්සේ පසුගිය 06 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම පසුම්බිය අස්ථානගත වී තිබේ.

එහි රුපියල් 80,000ක මුදලකට අමතරව එම හිමිනමට අතිශය වැදගත් වන ලියකියවිලි රැසක් ද අඩංගු වී තිබූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් කේ.කේ.පී.කේ. රත්නායක විසින් බස් රථය තුළ තිබී මෙම පසුම්බිය සොයාගෙන ඇත.

ඔහු වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක හිමියන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

අනතුරුව නන්දරතන හිමියන්ගේ මැදිහත්වීමෙන් අදාළ මියන්මාර ජාතික හිමිනම සම්බන්ධ කර ගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව, ගොඩගම පුරාණ විහාරස්ථානයේදී එම මුදල් සහ ලියකියවිලි සියල්ල සුරක්ෂිතව විදේශීය හිමිනම වෙත භාර දීමට කටයුතු කෙරිණි.

විදේශීය සංඝයා වහන්සේ නමකට අත්වූ මෙම අකරතැබ්බයේදී යුද හමුදා සෙබළෙකු පෑ මෙම උදාර ආදර්ශය ශ්‍රී ලාංකේය ගෞරවය ජාත්‍යන්තරය හමුවේ ඉහළ නැංවීමට සමත් වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED