spot_img

“මනුෂ්‍යත්වය නිහඬ වූ මොහොත” රෝහල් රෝද පුටුවක තනිකර දමා පලාගිය රියදුරා – අංගොඩ තරුණයාගේ අවසන් ගමන මෙලෙස නිමාවෙයි

“මනුෂ්‍යත්වය නිහඬ වූ මොහොත” රෝහල් රෝද පුටුවක තනිකර දමා පලාගිය රියදුරා – අංගොඩ තරුණයාගේ අවසන් ගමන මෙලෙස නිමාවෙයි

පාර මාරු වෙමින් සිටි අහිංසක මගියෙකු අනතුරට පත් කර, ඔහුව රෝහල් රෝද පුටුවක තනිකර දමා රහසිගතව පලාගිය රියදුරෙකු පිළිබඳ පුවතක් අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දින තුනක් පුරා මරණය සමඟ සටන් කළ අවාසනාවන්ත තරුණයා පෙරේදා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අවසන් හුස්ම හෙළුවේ මුළු රටම කම්පාවට පත් කරමින්.

පසුගිය 25 වැනිදා රාත්‍රී 7ට පමණ අංගොඩ ගැට්ටේ පන්සල අසලදී ලොරි රථයක ගැටී අනතුරට පත් මෙම පුද්ගලයාව රියදුරා විසින් මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

නමුත්, ඔහුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නවා වෙනුවට, රියදුරා කර ඇත්තේ අතිශය නින්දිත ක්‍රියාවකි.

බරපතල තුවාල ලබා සිටි තරුණයාව රෝහල් රෝද පුටුවක වාඩි කරවා, කිසිවෙකුටත් නොදන්වා ඔහු රහසිගතව පලා ගොස් තිබේ.

බාහිරින් තුවාල නොපෙනුණ ද, අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝද පුටුවේ තනිවී සිටියදී හඳුනන අයෙකු දැක නිවසට දැනුම් දී ඇත.

වහා රෝහලට පැමිණි ඔහුගේ සහෝදරිය ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් තත්ත්වය අසාධ්‍ය වී තිබුණි.

අනතුර දුටු අසල්වැසියෙකු ලබාදුන් ලොරි අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ මුල්ලේරියාව පොලිසිය, දින තුනකට පසු සැකකාර රියදුරා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

“අනතුරක් යනු අතපසුවීමකි, නමුත් අසරණයෙකු මියයන්නට හැර පලායාම අපරාධයකි.”මෙම සිදුවීම අපට පසක් කර දෙන්නේ මනුෂ්‍යත්වයේ පිරිහීමයි.

මාර්ගයේ අනතුරක් සිදුවූ විට නීතියට බියෙන් පලායාමෙන් ඔබ තවත් ජීවිතයක් ලොවට අහිමි කරයි.

රෝහලකට රැගෙන ගිය පමණින් ඔබේ වගකීම අවසන් නොවේ; රෝගියා නිසි බලධාරීන්ට භාර දී ප්‍රතිකාර ආරම්භ කරන තෙක් රැඳී සිටීම සැබෑ මනුෂ්‍යත්වයයි.

ඔබේ සුළු ප්‍රමාදයක් හෝ වගකීම් විරහිත පලායාමක් තවත් පවුලක ආදරණීයයෙකු සදහටම නිහඬ කළ හැකිය.

මතක තබා ගන්න, පලාගිය ද දිනක නීතියට ඔබව හසුවනු ඇත, නමුත් හෘද සාක්ෂියෙන් ඔබට කිසිදා පලායා නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED