ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා .
එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා .
කෙසේ වෙතත් සිද්ධිය සමබන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

