ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා .
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බව පොලිසිය සඳහන් කර සිටියා .
එමෙන්ම එම පුද්ගලයා අඩි 05 අඟල් 04 ක් පමණ වන බවත් කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් හැඳ සිට තිබෙනවා .
අදාල පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .
මේ අතර ඊයේ රාත්‍රියේ දෙහිවල, සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසකින් තවත් පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා .
එම සිරුරද පිරිමි පුද්ගලයෙකුගේ වන අතර මරණකරු වයස අවුරුදු 23 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ .
අදාල පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

