වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා .
එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති අතර මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව ද වාර්තා වේ.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
මීට අමතරව වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා .

