බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ නායයාමක් සිදු වී තිබෙනවා .එම නායයාම හේතුවෙන් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.
නායයාම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා වුවත් ඒ සම්බන්ධ නිල වාර්තා අනාවරණ වී ඇත්තේ අද දිනයේදිය .
කෙසේ වෙතත් මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිව තිබෙනවා .

