අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසා සිටියා .
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයැදුම්පත්‍ර යොමු කළ යුතු අතර, අයැදුම්පත්‍ර භාර ගැනීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කෙරුණා .
සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මඟින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලික අයැදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයැදුම් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියා.
එසේම ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයැදුම්කරුවන් තම මව හෝ පියාගේ හෝ භාරකරුගේ හෝ ජාතික හැඳුනුම්පත භාවිත කර අයැදුම් කළ හැකිය .
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව අයැදුම්පත ඉදිරිපත් කළ යුතු අතර කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද කොමසාරිස්වරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

