චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අද බීජිං අගනුවරදී ආරම්භ වුණා .
ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණ තිබු අතර
රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද මෙම සැමරුමට එක්ව සිටියා .
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා ඊයේ දින බීජිං වෙත පැමිණ තිබු අතර උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
මිනිත්තු 70ක කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්නය කෙරෙනු අතර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයෙහි ප්‍රධාන තේමාව වන්නේ, ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්නයි .
මෙම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදුකර තිබීම විශේෂත්වයක් වුණා .
සංවත්සරය වෙනුවෙන් අද (03) රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා .

