spot_img

ගින්නට හසුවීමෙන් ගොවි මහතෙකු ජිවිතක්ෂයට

තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන්හි ඟුරක්ගොඩ, වරාහේන ප්‍රදේශයේ ගොවි මහතෙකු ඊයේ (3) දහවල් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා .

මෙලෙස ගින්නට හසුව ඇත්තේ හිඟුරක්ගොඩ, බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි තෙදරු පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ .

ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සඳහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුර තුළ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනිතබා තිබෙන අතර එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාලගුණික තත්ත්වය හා සුළග හේතුවෙන් ගින්න පැතිර ගොස් ඔහු ඊට හසුව තිබෙනවා .

මෙම පුද්ගලයා ගින්නට හසුව සිටින අයුරු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් අය දැනුම්වත් කළද ඒ වනවිටත් ඔහු ගින්නට හසුව දරුණු ලෙස තුවාල ලබා මිය ගොස් සිට ඇති බවයි වන්නේ .

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED