එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් සතොස හරහා අලෙවි කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන් පාලනය කරමින් සාධාරණ මිලකට පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි.
ඒ අනුව පහත දැක්වෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල අඩුකිරීම් ක්‍රියාත්මක වේ
සහල් (සුදු නාඩු සහ සුදු කැකුළු)
පාන් පිටි
පරිප්පු
හාල්මැස්සන්
බී ළූණු
මෙම සහනදායී මිල ගණන් දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා ජනතාවට ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

