spot_img

ඉන්ධන බෙදාහැරීම ගැන හදිසි තීරණයක්! පාරිභෝගිකයින් දැනුවත් විය යුතුම පණිවිඩය

හෙට සහ අනිද්දා යන දිනවලදී පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා.

කෙසේ වෙතත්, මෙම තීරණය මගින් පාරිභෝගිකයින්ට ඉන්ධන ලබාගැනීමේදී ගැටලුවක් ඇති නොවන බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කරන්නේ.

ඔහු සඳහන් කළේ ලබන මැයි මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විටත් රට සතුව පවතින බවයි.

පිරවුම්හල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඇණවුම් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත.

ඒ අනුව, ඉන්ධන ඇණවුම් සඳහා වන චෙක්පත් සහ අදාළ ලියකියවිලි තොග පර්යන්තය වෙත හෝ ඇණවුම් අංශය වෙත පෙර දිනයේදී භාරදීමට පියවර ගන්නා ලෙස පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.

මෙම පියවර මගින් ඉන්ධන සැපයුම වඩාත් විධිමත් කිරීමටත්, පාරිභෝගිකයින්ට පෝලිම්වල රැඳී සිටීමට සිදු නොවන අයුරින් අඛණ්ඩව ඉන්ධන ලබාදීමටත් අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED