පසුගිය මාසයේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවමින්, ඉරානය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය කර තිබෙනවා .
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇති අතර ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සේවය කළ තානාපතිවරුන් කිහිපදෙනෙකු ආපසු කැදවීමට ද පියවර ගෙන ඇති බවයි .
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමෙන් දින කිහිපයකට පසු නිව්යෝර්ක් සිට ටෙහෙරාන් බලා පිටත්ව යන අතරතුර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ “අපි මේ වගේ උගුලකට හසු වෙලා හැම මාසෙම අපේ බෙල්ල වටේ තොණ්ඩුවක් තියාගන්නේ ඇයි?” ලෙසය.
ටෙහෙරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිදු අදහසක් නොමැති බව නැවත අවධාරණය කළ ඔහු මෙය ඉස්ලාමීය ජනරජය බිඳ දැමීමට එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට විසින් සිදු කරන උත්සාහයක් බවට චෝදනා එල්ල කර තිබෙනවා .
මෙම සම්බාධක පැනවීමේ තීරණය මාස හයකින් ප්‍රමාද කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය තුළ ඊට ලැබුණේ ඡන්ද හතරක් පමණයි .
ඒ අනුව අදාළ සම්බාධක අද (28) සිට බලාත්මක වනු ඇත .

