spot_img

ඉන්දියාවට ට්‍රම්ප්ගෙන් නැවතත් තර්ජනයක්

ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සිය Truth Social හී සටහනක් තබමින් අද (04) සඳහන් කර සිටියා .

එමෙන්ම රුසියානු යුද තන්ත්‍රය මගින් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් මේ හේතුවෙන් ඉන්දියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබෙනවා .

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ඔහු කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්දීය තෙල් සමාගම් රුසියානු ආනයන නතර කිරීමට සූදානම් නොවන බවට යි .

ඒ අනුව ට්‍රම්ප්ගේ තර්ජනය නොතකා ඉන්දියාව අඛණ්ඩව රුසියානු තෙල් මිලදී ගැනීමට කටයුතු කරන බවද මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED