ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව පිරිවැය පියවා ගැනීම සඳහා බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු යන ආහාර වර්ගවල මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, වෙළඳපොළේ පොල්තෙල් මිල යම් මට්ටමකින් පහළ යාම හේතුවෙන් එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට එම සංගමය පියවර ගෙන තිබේ.
ඒ අනුව, පැටිස්, කට්ලට්, රෝල්ස් ඇතුළු සියලුම කෙටි කෑම වර්ගවල (Shorties) මිල රුපියල් 10 කින් අඩු කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම නව මිල සංශෝධනයන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ගෑස් මිල ඉහළ යාම ආපනශාලා පවත්වාගෙන යාමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බැවින් මෙම මිල ඉහළ නැංවීම සිදු කිරීමට සිදු වූ බව එම සංගමයේ නිලධාරියෙකු පැවසීය.

