spot_img

හෙටයි ඒ උතුම් දිනය! ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ මෙත් සෙවණේ, කොත්මලේ අසරණ දරු සිත් සනසන ‘උතුම් සත්කාරය’

හෙටයි ඒ උතුම් දිනය! ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ මෙත් සෙවණේ, කොත්මලේ අසරණ දරු සිත් සනසන ‘උතුම් සත්කාරය’

දහසක් පින්වතුන්ගේ සිත් සදහම් සිසිලසින් සනසන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ, ගෞරවණීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වන “උතුම් සත්කාරය” හෙට (මාර්තු 10) කොත්මලේ මනරම් කඳුකරයේ පිහිටි දුෂ්කර ගම්මානයක් කරා ගමන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

අගහිඟකම් මැද වුවද අධ්‍යාපනය ලබමින් හෙට දවස දිනන්නට වෙර දරන කොත්මලේ, මාසැල ගැමුණු මහා විද්‍යාලයේ අහිංසක දූ දරුවන්ගේ නෙතට කඳුළක් නොව, මුවඟට සිනහවක් ගෙන ඒම මෙම සත්කාරයේ ප්‍රධාන අරමුණයි.

භෞතික සම්පත්වලට වඩා දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය උතුම්ම පින්කමක් බව පසක් කරමින්, ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මෙම උතුම් පින්කමට අත්වැල් බැඳගන්නා ලෙස සැදැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමි.

පරිත්‍යාග කිරීමට පිටත්වීම: හෙට, මාර්තු 10 වන අඟහරුවාදා.

අදම ඔබේ දායකත්වය ලබා දෙන්න:

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හෝ වෙනත් අයුරකින් දායක වීමට කැමති පින්වතුන් හට, හෙට දිනට පෙර පහත බැංකු ගිණුම හරහා දායකත්වය ලබා දිය හැක.

බැංකුව: ලංකා බැංකුව (Bank of Ceylon) – බොරලැස්ගමුව ශාඛාව

ගිණුම් නාමය: Uthum sathkara

ගිණුම් අංකය: 80 73 68 27

📞 වැඩිදුර විමසීම් සඳහා: 071 083 8428

එන්න, හෙට උදෑසන පිටත්වන ඒ සෙනෙහසේ චාරිකාවට ඔබත් ශක්තියක් වන්න!

ගලිගමුවේ ඥානදීප හිමියන් පෙන්වා දෙන මහා කරුණාවේ මාවතේ අපත් පියවරක් තබමු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED