හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධියේ පිහිටි වෙළඳසැලක් තුළ රහසිගතව සඟවා තිබූ දැවැන්ත ඩීසල් තොගයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලීසිය සමත් වී තිබෙනවා.
පොලීසියට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්රියාත්මක වූ මෙම වැටලීමේදී, අදාළ වෙළඳසැල තුළ ඉතා සූක්ෂ්ම ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්රමාණයක් සොයා ගැනුණි.
බූලි, ප්ලාස්ටික් කෑන් සහ බැරල් 40කට ආසන්න ප්රමාණයක මෙම ඉන්ධන තොගය අසුරා තිබූ බවයි පොලීසිය පවසන්නේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවතින ඉල්ලුම මත වැඩි මිලට විකිණීමේ අරමුණින් මෙම ඩීසල් තොගය කාලයක සිට රැස්කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (21) දින හෝමගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

