
ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලන ව්‍යුහය වෙනස් කරමින්, එහි පාලනය අතුරු කමිටුවක් (Interim Committee) හෝ බලයලත් නිලධාරියෙකු (Authorized Officer) යටතට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා රජය මෙම තීරණයට එළඹ ඇති බවයි.
මීට පෙර අවස්ථාවලදී ක්‍රිකට් පරිපාලනයට රජය මැදිහත් වූ විට ICC විසින් ශ්‍රී ලංකාවට තහනමක් පැනවූ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා බව අවධාරණය කරනවා.
“අපි කරන්නේ හදිසි තීරණයක් අරගෙන ක්‍රිකට් තහනමකට පාර කපන එක නෙවෙයි. අපි ICC ආයතනය සමඟ සුහදව සාකච්ඡා කරමින් ඉන්නේ, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට අවශ්‍ය පරිපාලන වෙනස ඔවුන්ගේ අනුමැතිය ඇතිව සිදු කරන්නේ කොහොමද කියන එක ගැනයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසනවා.

