
සාමාන්‍ය උණක් කියා නොසලකා හැරියොත් සිදුවන දේ – මාර්තු මුල් දින 3ට රෝගීන් 353ක්
ලංකාව පුරා යළිත් ඩෙංගු මාරයා හිස ඔසවමින් සිටින්නේ බලාපොරොත්තු නොවූ මරණ සංඛ්‍යාවක්ද සමඟිනි.
ගෙවුණු මාස දෙක වැනි කෙටි කාලයක් තුළ පමණක් ඩෙංගු රෝගීන් 13,590ක් වාර්තා වී ඇති අතර, ඉන් ජීවිත 4ක් අපට සදහටම අහිමි වී හමාරය.
ඔබ සාමාන්‍ය උණක් යැයි සිතා නොසලකා හරින රෝග ලක්ෂණයක් ඔබේ අවසානය සනිටුහන් කරන මරණ වරෙන්තුවක් විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
වඩාත්ම බියකරු පුවත වන්නේ සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වඩා, එනම් 50.6%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීමයි.
විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජීවත් වන ඔබ, මේ මොහොතේ මාරාන්තික අවදානමක පසුවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කරයි.
දත්තයන්ට අනුව මාර්තු මස මුල් දින තුනේදී පමණක් රෝගීන් 353ක් වාර්තා වී ඇත.
මෙහි ඇති තීරණාත්මකම අනතුරු ඇඟවීම වන්නේ, “දින දෙකකට වඩා උණ පවතින්නේ නම් පමා නොවන්න” යන්නයි.
බොහෝ දෙනා පමාවී වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම නිසා මරණ සංඛ්‍යාව ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.
ඔබේ නිවස අවට ඇති කුඩා වතුර රඳන බඳුනක්, ඊළඟ මරණයේ තිප්පොළ විය හැකියි.
මදුරුවෙකුට ඔබේ ජීවිතය පරාජය කිරීමට ඉඩ නොතබන්න.
අදම විමසා බලන්න.. ඔබේ නිවස අවට මාරයා සැඟවී සිටිනවාද? පමාව මාරාන්තික විය හැක.

