පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්ඩංගුවට ගෙන තිබෙනවා .
ඒ අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් .
පොලිසිය පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බවයි .ඔහු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .
මේ අතර පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකුව ඊයේ දහවල් කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අදාල සැකකරු රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු වයස අවුරුදු 17 ක් වන අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ රාගම, ලින්ටන් ක්‍රිඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙලෙස ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටියා .
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා .
මමේ සම්බන්ධයෙන් රාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

