spot_img

වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙයි

වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා .
මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්ව තිබුණා .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය සොහොයුරා සමඟ ඔහු මෙම ප්‍රදේශයේ අශ්වයෙකු පිට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි .

ඔහුව සොයා මෙහෙයුම් දියත් කළත් මළ සිරුර හෝ සොයා ගැනීමට නොහැකි වූ බව මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා .

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මළසිරුරට හෝ ඇඳුම්වලට කිසිඳු හානියක් නොවී නොවෙනස්ව තිබීමත් විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සඳහන් කළේ ශරීරයක් ග්ලැසියරයකට වැටෙන විට, අධික සීතල එය වේගයෙන් කැටි කර, දිරාපත්වීමේ ක්‍රියාවලිය නතර කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED