spot_img

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය දෙරට ගත් තීරණය

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර යළි ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරය අතරතුර මේ පිළිවඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නතර කෙරුණු දෙරට අතර ඍජු ගුවන් ගමන් ලබන මස මුල සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර ෂැන්හයි සහයෝගීතා සංවිධාන සමුළුවට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද චීන ජනාධිපති ෂී ජින් පින්ග් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද අද චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නේටෝ ඇතුළු බටහිර සන්ධානවල බලපෑම් සීමා කිරීම සඳහා ගත් පියවරක් ලෙස චීනය, රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල් 4ක් විසින් 2001 වසරේ දී ෂැන්හයි සහයෝගීතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු සංවිධානය කෙරෙන විශාලතම සමුළුව මෙවර සංවිධානය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED