spot_img

වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙක් ජිවිතක්ෂයට

ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

අදාළ පුද්ගලයා ඊයේ උදෑසන 6.30ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි තිදරු පියෙක් වන බවයි සඳහන් වන්නේ .

සියඹලගස්වැව ජනතාව චෝදනා කරන්නේ අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මීට පෙරද මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

එමෙන්ම මෙම වනඅලි හා ඇතුන් සියඹලාගස්වැව ආසන්නයේ ගම්මානවලට කඩා වදින බවත් එලෙස කඩා වදින අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවා රාත්‍රි මෙහි සැරිසැරිම හේතුවෙන් ජන ජීවිතයේ කටයුතු අඩාල වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා .

කෙසේ වෙතත් මෙම සිදුවීම දැනුම්දීමත් සමග ආණමඩුව ප්‍රාදේශිය ලේකම්වරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED