ලංකා IOC සමාගම විසින් අලෙවි කරනු ලබන විශේෂිත ඩීසල් වර්ග කිහිපයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වයන් සහ මෙහෙයුම් පිරිවැය සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, නව මිල සංශෝධනයන් පහත පරිදි වේ:
XtraMile ඩීසල්: රුපියල් 551ක්ව පැවති ලීටරයක මිල රුපියල් 39කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 590කි.
ලංකා සූපර් ඩීසල් (Euro 4): රුපියල් 572ක්ව පැවති ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 600කි.
Xtra Green ඩීසල්: රුපියල් 588ක පැවති ලීටරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 620ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මිල සංශෝධනය ලංකා IOC පිරවුම්හල් මගින් අලෙවි කරන ඉහත සඳහන් විශේෂිත ඉන්ධන වර්ග සඳහා පමණක් බලපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත්, සාමාන්‍ය ඔටෝ ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන්වල වෙනසක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.

