spot_img

ගම්බිම් බලා යන ඔබට සහනයක් – විශේෂ අවුරුදු ප්‍රවාහන සැලැස්ම අද සිට ඇරඹේ

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් අද (08) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මගී අවශ්‍යතාවය අනුව දෛනිකව අමතර බස් වාර 800ක් ධාවනයට එක් කර ඇත.

අධිවේගී මාර්ග කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) විශේෂ සේවාවන් ආරම්භ කර ඇති අතර, එහිදී විශේෂයෙන්ම ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට යන ජනතාව වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබා දී තිබේ.

මීට අමතරව, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාවන් ද මගී පීඩනය අවම වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම ප්‍රවාහන සැලැස්මට සමගාමීව, දුම්රිය දෙපාර්තමේන්තුව ද හෙට සිට විශේෂ දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ පවතින දුම්රිය වාරවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේය.
:
අධික මගී තදබදයක් පවතින බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව සහ ප්‍රථමාධාර සේවාවන් ද ශක්තිමත් කර ඇත.

මීට අමතරව, වැඩිපුර මුදල් අය කිරීම් හෝ වෙනත් ගැටලු පවතින්නේ නම් 1955 ක්ෂණික ඇමතුම් අංකය හරහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුවත් කිරීමට ද මගීන්ට අවස්ථාව ඇත.

මෙවර අවුරුදු සමයේදී මිලියන 1.5කට අධික මගී පිරිසක් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED