spot_img

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්, ඇයගේ අනියම් සැමියා සහ දරුවා මිලදී ගත් කාන්තාව ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි මෙම මව, තම අනියම් ස්වාමිපුරුෂයා සමඟ එක්වී මෙම ජාවාරම සිදුකර ඇත.

ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙම දරුවා රුපියල් 40,000කට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව පොලිසියට කළ පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ ධර්මපුරම් පොලිසිය, විමර්ශන පවත්වා සැකකරුවන් සහ විකුණා දැමූ දැරිය සොයා ගැනීමට සමත් වී ඇත.

දරුවා විකුණා ලබාගත් මුදලින් රුපියල් 15,000ක් වැය කර ජංගම දුරකථනයක් මිලදී ගෙන තිබූ අතර, පොලිසිය විසින් එම දුරකථනයද නඩු භාණ්ඩයක් ලෙස භාරයට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, දරුවා විකුණා ජංගම දුරකථනයක් මිලදී ගත්තේ ඇයිදැයි විමසා ඇත.

එම අවස්ථාවේදී සැකකරුවන් කිසිදු පිළිතුරක් ලබා දීමට නොහැකිව නිරුත්තරව සිටි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර මව, අනියම් සැමියා සහ දරුවා මිලදී ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන...

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට...

ඉඩම් ආරවුලක් දුරදිග යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගනී.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස්...

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද...

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද කැලණියට – හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය උත්සවය ඇරඹේ.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි. අද...

වෙනත් ලිපිRELATED