spot_img

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දින පස්වරුවේ සිට තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.

මීට අමතරව දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය.

කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන...

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට...

ඉඩම් ආරවුලක් දුරදිග යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගනී.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස්...

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද කැලණියට – හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය උත්සවය ඇරඹේ.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි. අද...

වෙනත් ලිපිRELATED