බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.
අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලුත් කිරීම බවයි.
දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වීමට නියමිතය.
එහිදී ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින ඉතා උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීමට නියමිතව තිබේ.
සංචාරය අතරතුර දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ විශේෂ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වෙනු ඇත.

