
මුදාගත් ඉරාන නාවිකයන් වැලිසර කඳවුරට – නෞකාව ත්‍රිකුණාමලයට ගෙන ඒමට ජනපතිගෙන් නියෝග
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ නෞකාවේ සිටි පිරිස මෙලෙස ගොඩබිමට රැගෙන ආ බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (5) පවසා සිටියේ, දැනට මුහුදේ පවතින අදාළ නෞකාවද ඉදිරියේදී ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.
මුදාගත් නාවික පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කිරීමට නියමිතය. එහිදී ඔවුන්ගේ:
මූලික ලියාපදිංචි කටයුතු සිදු කිරීම.
අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම.
ආහාර ඇතුළු අනෙකුත් සුභසාධන පහසුකම් සැපයීම.
යන කටයුතු නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනු ඇත.
නෞකාවේ සිටි මුළු පිරිස 208 දෙනෙකු වන අතර, ඔවුන්ගේ සංයුතිය පහත පරිදි වේ:
නිලධාරීන්: 53
කැඩෙට් නිලධාරීන්: 54
ජ්‍යෙෂ්ඨ නාවිකයන්: 48
නාවිකයන්: 23

