ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි.
සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති අතර, තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිත බවයි. මෙම ගෑස් තොග මාලදිවයිනේ පාවෙන ගබඩාවක තාවකාලිකව ගබඩා කර ඇති බවද සඳහන් වේ.
ඊට අමතරව, මෙට්‍රික්ටොන් 20,000ක් රැගත් තවත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත පැමිණෙමින් පවතින බව සමාගම කියා සිටියි.
එසේම, උත්සව සමයේදී පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස ගෑස් වෙළඳපොළට නිකුත් කළ බවත්, අප්‍රේල් 16 සිට සාමාන්‍ය පරිදි ගෑස් පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු යළි ආරම්භ කර ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

