මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා .
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6.00කින් පහත දමා ඇති අතර ඒ අනුව රුපියල් 283.00ක් ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 277.00කි.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 6.00කින් මිල අඩුවී ඇති අතර එහි පැවැති මිල වන්නේ රුපියල් 341.00 ක් වන අතර එහි නව මිල වන්නේ රුපියල් 335.00කි.
ලංකා භූමිතෙල් රුපියල් 05.00කින් අඩුවී වී ඇති අතර එය පැවැතියේ ලීටරයක් රුපියල් 185.00ක්, වන අතර එහි නව මිල වන්නේ රුපියල් 180.00 ක් වශයෙන් සටහන් වේ .
අනෙකුත් සිපෙට්කෝ ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින අතර ඒ අනුව ලංකා සුපිරි ඩීසල් රුපියල් 313.00ක් වන අතර, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 299.00 ක් වශයෙන් පවතී .

