spot_img

මහනුවරම කැළඹූ මහදවල් මංකොල්ලය – ව්‍යාපාරිකයාගේ ඇස්වලට දියරයක් ඉස ලක්ෂ 60ක මැණික් අරන් පලාගිය හැටි CCTV එකේ මෙන්න.

මහනුවර නගරය මධ්‍යයේ පිහිටි ඊ.එල්. සේනානායක වීදියේ මැණික් අලෙවි මධ්‍යස්ථානයක අද (13) පෙරවරුවේ ඉතා සූක්ෂ්ම ලෙස සිදුකළ මංකොල්ලයක් පිළිබඳව වාර්තා වෙනවා.

පාරිභෝගිකයෙකු ලෙස වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයෙකු එහි හිමිකරු අසරණ කර රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා මැණික් තොගයක් රැගෙන පලාගොස් තිබේ.

අද පෙරවරු 10:00ට පමණ අදාළ මැණික් පරීක්ෂා කිරීමේ සහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට මැණික් මිලදී ගැනීමේ මුවාවෙන් පුද්ගලයෙකු පැමිණ ඇත.

ඔහු ව්‍යාපාරිකයා සමඟ මැණික් පිළිබඳව සුහදව කතාබස් කරමින් සිටින අතරතුර, එක්වරම තම සන්තකයේ තිබූ කිසියම් දියරයක් ව්‍යාපාරිකයාගේ මුහුණට ඉස තිබේ.

එම ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයා දැඩි අපහසුතාවයට පත්ව අසරණ වූ මොහොතේ, සැකකරු විසින් මැණික් තොගය අඩංගු පෙට්ටිය රැගෙන වහාම එම ස්ථානයෙන් පලාගොස් ඇත.

කොල්ලකන ලද මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බවට දැනට ගණන් බලා තිබේ.

සිද්ධිය පිළිබඳව ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වහාම පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වන ආකාරය සහ කොල්ලයෙන් පසු පලායන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) ඉතා පැහැදිලිව සටහන්ව තිබේ.

එම දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු කවුරුන්ද යන්න හඳුනා ගැනීමටත්, ඔහු අත්අඩංගුවට ගැනීමටත් මහනුවර පොලිසිය පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED