කාන්තාවන් සතු රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ව මත්කර පාළු ළිඳකට දැමීමේ අතිශය සාහසික සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු සහ සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් ස්වර්ණාභරණ සාප්පු හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන්ව මත් කිරීම සඳහා ශල්‍යකර්මවලට භාවිතා කරන නිර්වින්දන ඖෂධ (Anesthesia) සහ ඉසින යන්ත්‍ර (Sprayers) භාවිතා කර ඇති බව හෙළි වී තිබේ.
ත්‍රීරෝද රථ 2ක්, මෝටර් රථයක්, පොරවක්, තියුණු ආයුධ සහ නිර්වින්දන උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 19 වනදා වවුනතිව් සිට මඩකලපුව බලා ගිය තරුණ මවක් සහ ඇගේ අවුරුදු දෙක හමාරක දරුවා අතුරුදන් වූ අතර, පසුව මව පාළු ළිඳක සිටියදීත් දරුවා වෙල්යායක සිටියදීත් සොයාගැනිණි.
එම ළිඳ තුළ තිබී තවත් කාන්තා මළ සිරුරක් හමු වීමත් සමඟ මෙම මහා පරිමාණ අපරාධ කල්ලිය පිළිබඳ තොරතුරු අනාවරණය විය.

