බටහිර ඇෆ්ගනිස්ථානයේ කාබුල් බලා යමින් සිටි බස් රථයක් ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .
අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක් වී ඇති බවයි සඳහන් වන්නේ .
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් වන බවත් බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් ඇති බවත් සඳහන් වේ .
හේරාත් පොලීසිය පවසන ලද්දේ බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.

