spot_img

පෘථිවි සීමාවෙන් මිදුණු Orion සඳ බලා ගමන අරඹයි – වසර 50ක නිහඬතාව බිඳෙන හෝරාව මෙන්න!

මිනිස් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය, සාර්ථකව පෘථිවි කක්ෂය පසුකර සඳ බලා යන දීර්ඝ ගමන ආරම්භ කර තිබෙනවා.

පෘථිවිය වටා පැය 23කට අධික කාලයක් භ්‍රමණය වෙමින් සිය පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, යානය මේ වන විට සඳ දෙසට විද්‍යුත් වේගයෙන් ගමන් කරමින් පවතින බව නාසා ආයතනය තහවුරු කරයි.

නාසා නිවේදනයට අනුව, Orion යානයට සඳෙහි කක්ෂය වෙත ළඟා වීමට තවත් දින 4ක කාලයක් ගතවනු ඇත.

සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ලබන අප්‍රේල් 6 වනදා මිනිස් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වනු ඇත.

ඒ, පෘථිවියට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගඟනගාමීන් පිරිසක් ගමන් කරන ප්‍රථම අවස්ථාව මෙය වන බැවිනි.

අවසාන වරට මිනිසෙකු සඳ ආශ්‍රිත මෙහෙයුමකට එක්වූයේ 1972 වසරේදීය. ඒ අනුව වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම ලෙස මෙය ඉතිහාසගත වේ.

මෙම දින 10ක ත්‍රාසජනක මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ, ඉදිරි වසරවලදී සඳ මත මිනිසුන් ස්ථිරවම පදිංචි කිරීමේ ‘Artemis’ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමයි.

ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 3:54 ට පමණ ගුවන්ගත වූ මෙම යානය, මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටී.

මෙම ගමන මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම සහ අවදානම් සහගතම මිනිස් මෙහෙයුම ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.

ලෝකයම දෑස් දල්වා බලා සිටින මෙම මෙහෙයුමේ මීළඟ තීරණාත්මක පියවර වන්නේ අප්‍රේල් 6 වනදා සඳ වටා සිදුකරන එම ඓතිහාසික හැරවුමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED