spot_img

ප්‍රවේශම් වන්න! නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී රථ වාහන ජාවාරමක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් හෙළි කරගනී.

නීත්‍යනුකූල නොවන ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී රථ වාහන ඇතුළු රථ වාහන 20ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය අනාවරණය කරගන්නේ, මෙම රථ වාහන නීත්‍යනුකූල නොවන අයුරින් එකළස් කිරීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පවා සහය ලබා දී ඇති බවයි.

මෙම ජාවාරම හුදෙක් වාහන එකළස් කිරීමකට පමණක් සීමා නොවී, සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ද මෙම රථ වාහන යොදාගෙන තිබීම බරපතල කරුණක් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ලබාදුන් තොරතුරු මත කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම රථ වාහන සොයාගෙන ඇත.

පොලිස් භාරයට ගත් වාහන අතර:සුඛෝපභෝගී මෝටර් රථ,ජීප් රථ,වෑන් රථ,ලොරි රථ,යතුරුපැදි ඇතුළත් වේ.

මේ වන විට මෙවැනි නීත්‍යනුකූල නොවන රථ වාහන 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

තම වාහනයක් මින් පෙර සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම්, ඒ පිළිබඳව කඩිනමින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

ඒ සඳහා පහත දුරකථන අංකය භාවිතා කළ හැකිය:
📞 011-2947780

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අදාළ ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED