spot_img

ත්‍රිරෝද රථයක හදිසිය නිසා සරසවි සිසුවෙකුට බරපතලයි – රිළාවල මංසන්ධියේ බිහිසුණු අනතුර CCTVයේ සටහන් වූ අයුරු

නිතර අනතුරු බහුලව සිදුවන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කහතුඩුව, රිළාවල මංසන්ධියේදී අද පෙරවරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙස සිට කහතුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, රිළාවල හන්දියේදී අනතුරට ලක්වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් හේතුවෙනුයි.

හොරණ දෙස සිට පැමිණි මෙම ත්‍රිරෝද රථය එකවරම මාර්ගය හරහා කිරිගම්පමුණුව දෙසට හැරවීමට උත්සාහ කර ඇති අතර, එහිදී යතුරුපැදිය ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා.

යතුරුපැදියේ ගැටීමෙන් පසුවත් ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකි වූ රියදුරු, එය ඉදිරියටම පදවාගෙන ගොස් මාර්ගය අසල තිබූ ලොතරැයි අලෙවි කුටියක ගැටී නතර වී ඇති බව සදහන්.

ත්‍රිරෝද රථ රියදුරුගේ නොසලකා හැරීම සහ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව කහතුඩුව පොලීසිය තහවුරු කළා.

අනතුරින් බරපතල තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

අනතුරු ඇඟවීමයි! ඔබේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන දැනගන්න

ශ්‍රී ලංකා පොලිසිය විසින් ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන...

සමාජ මාධ්‍ය දෙවනත් කළ හීනටියන කාර් රේස් එක – අවසානයේ තරුණයාට සහ කාර් එකට වුණු දේ මෙන්න

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර මහජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් අන්තරාදායක අයුරින් රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය...

මොහොතක කේන්තියෙන් පිය සෙනෙහස අහිමි කරගත් හැටි – දෑතට විලංගු වැටුණු පුත්‍රයා සහ පියෙකුගේ අවසන් ගමන

ලේ නෑකම් සහ පවුල් සබඳතාවල ඇති වටිනාකම මොහොතකට අමතක වී යාමෙන් සිදුවන විනාශය කෙතරම් දරුණු දැයි පසක් කරන අවාසනාවන්ත...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට – බ්‍රෙන්ට් සහ WTI මිල ගණන් ඉහළ යයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දින කිහිපය තුළ පැවති...

සාගරිකා වාද්දූවේදී පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වෙයි.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා. වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී – මැයි 30 සහ 31 විශේෂ නිවාඩු දින ලෙස නම් කෙරේ

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මැයි මස 30 වනදාට යෙදී ඇති අතර, ඊට පසු දින එනම් මැයි...

වෙනත් ලිපිRELATED