ලෝක ප්රකට බොක්සිං ක්රීඩක මයික් ටයිසන් එදා රින්ග් එක ඇතුළේ කරපු වැඩේට නොදෙවෙනි වැඩක් නුවරඑළිය, සීතා එළිය, බෝලකන්ද ප්රදේශයෙන් වාර්තා වෙනවා.
හැබැයි මේක බොක්සිං මැච් එකක් නෙමෙයි, පාරක් සම්බන්ධයෙන් ඇති වුණ පොඩි ඉඩම් ආරවුලක්.
තමන්ගේ ඉඩම මැදින් තාවකාලිකව දීලා තිබුණු පාරක් පොදු පාරක් කරන්න කියලා අසල්වැසියන් පිරිසක් ඉල්ලන්න ගිය වෙලාවේ තමයි මේ “දත් ප්රහාරය” එල්ල වෙලා තියෙන්නේ.
ඇති වුණු බහින්බස් වීම දුරදිග ගිහින්, එක් කාන්තාවක් තවත් කාන්තාවකගේ වම් කන හිසෙන් වෙන් වෙන්නම හපා කා තිබෙනවා.
කන සපා කෑමට ලක්වුණු කාන්තාව සතියක පමණ කාලයක් රෝහල් ගතව ප්රතිකාර ලබාගෙන මේ වන විට නිවසට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

